Saturday, October 19, 2024

General line - 0115112241

ජෝති බිරිඳ සහ දියණියන් දැමූ නඩුවට මේරියන්ස් නලීන්ගෙන් විරෝධතා!




එච්.ආර්.ජෝතිපාල මහතාගේ රුව ප්‍රදර්ශනය කරමින් ප්‍රසංගයකදී ඔහුගේ ගීත ගායනා කර ඇති බවට පවසමින් ඔහුගේ බිරිඳ සහ දියණියන් හතර දෙනා මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා ගෙන් රුපියල් මිලියන 10 ක් වන්දි ලෙස ඉල්ලා ගොනු කළ නඩුව අද (10) කොළඹ වාණිජ මහාධිකරනයේදී කැදවනු ලැබුවා.

ඒ අනුව මෙම පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව විත්තිකාර නලින් පෙරේරා ගේ නීතිඥවරයා දැන්වූවා. ඒ අනුව විත්තිකාර පාර්ශවයේ විරොධතා සඳහා නඩුව මැයි මස 4 දා ට කල් තබනු ලැබුවා.

පසුගිය වසරේ ජනවාරි මස 22 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේදී පැවැති ප්‍රසංගයකදී එච්.ආර්.ජෝතිපාල මහතාගේ රුව ප්‍රදර්ශනය කරමින් වෙනත් ගායකයින් විසින් ඔහුගේ ගීත ගායනා කර ඇති බව පැමිණිලිකරුවන් පවසා සිටිනවා. නිසි අවසරයකින් තොරව සිදු කර ඇති මෙම ක්‍රියාවෙන් විත්තිකරු තමන්ගේ බුද්ධිමය අයිතීන් උල්ලංඝනය කර ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටිනවා.