Saturday, October 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ රිට් පෙත්සම් සලකා බැලීම 15දා




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නාමයෝජනා ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සම් 08ක් සලකා බැලීම ලබන 15වනදාට කල් තැබීමට අද (10) නියෝග කෙරුණා.  

ඒ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජාතික ජනතා පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් අභියාචානාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. මෙම පෙත්සම් සියල්ල නාමයෝජනා ප‍්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් බැවින් සියලූ පෙත්සම් සලකා ලබන 15 වනදාට කල් තැබීමට එහිදී නියෝග කෙරුණා.