Saturday, October 19, 2024

General line - 0115112241

අගමැතිට එරෙහිව විශ්වාශභංග යෝජනාවක්! මන්ත්‍රීන් පිරිසක් අත්සන් තබයි




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව සකස් කෙරුනු විශ්වාසභංග යෝජනාවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් අද (10) අත්සන් තබා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේදී අද රැස්වුනු අවස්ථාවේ ඔවුන් ඊට අත්සන් තබා ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව ආසන්නම හේතුව කර ගනිමින් අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සකස් කර තිබෙනවා. ඉදිරියේදී තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ඊට අත්සන් තැබීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීද අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ වුනා. මේ එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කුමන් පක්ෂද, එක්සත් ජාතික පක්ෂයේ මේ හොරකමට විරුද්ධ කවුදැයි හඳුනාගත හැකි බවය.