Saturday, October 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ කලහය ආන්ඩුවේ සැලැස්මක්




පාර්ලිමේන්තුවේ අද ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබද මාධ්‍ය හමු කිහිපයකදි අදහස් පළ වුණා. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කියාසිිටියේ ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව යටපත් කිරීම සදහා ආණ්ඩුව විසින් සැලසුම් කර මෙවැනි කලහකාරී තත්ත්වයක් ඇති කළ බවයි. 

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය විසින් කැදවන ලද මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පැවසුවේ පාර්ලිමේන්තුවේ අද ඇති වූ කලහකාරී තත්ත්වය හාස්‍යජනක එකක් බවයි. 

ජනතා විමුක්ති පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදීද මේ පිළිබද අදහස් පළ වුණා. එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා කළ ප‍්‍රකාශය ඇති වූ කලහකාරී තත්ත්වයට හේතුව වූ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂය පවසන්නේ පාර්ලිමේන්තුවේ අද ඇති වූ කලහකාරී තත්ත්වය ඒකාබද්ධ විපක්‍ෂය විසින් සැලසුම් කර ඇති කළ එකක් බවයි.

ඒකාබද්ධ විපක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකදීද මේ පිළිබද අදහස් පළ වුණා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර එහිදී කියාසිටියේ කතානායකවරයා සිය වගකීම නැවත වරක් උල්ලංඝණය කර ඇති බවයි. ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ගැටුමක් නොමැති බවද එහෙත් කතානායකවරයා සහ පාර්ලිමේන්තුව අතර නිතර නිතර ගැටුම් ඇතිවන බවද ඔහු කියාසිටියා. පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුයේද කතානායකවරයා කටයුතු කළ ආකාරයෙන් බවයි වාසුදේව නානායක්කාර මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියාසිටියේ.