Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර වාර්තාව ජනපති පාර්ලිමේන්තුව හමුවේ තබන්නට සැරසෙයි! වගකිවයුතු ආයතනවලටත් පිටපත්




ජනාධිපතිවරයා වෙත ඉකුත්දා භාරදෙන ලද බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා විසින් ලබන 17 වනදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම්දීම සදහා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

ජනාධිපතිවරයා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අවශ්‍ය නම් පක්‍ෂ නායක රැස්වීමක් කැදවා ලබන 23 වනදාට පෙර පාර්ලිමේන්තුව නැවත කැදවීමට තීරණය කළ හැකි බවද අමාත්‍යවරයා එහිදී කියාසිටියා. 

ජනාධිපති ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ නීතිපතිවරයාගේ උපදෙස් පරිදි වගකිවයුතු ආයතන කිහිපයකටම අදාල වාර්තාවේ පිටපත් ලබා දුන් බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් කියවන්න