Saturday, October 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ගුටි ඇන ගත් සියලු මන්ත්‍රිවරුන්ට වැඩ වරදියි

සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුවේ ඊයේ (10) ඇති වූ කලහකාරී තත්ත්වයට වගකිව යුතු සියලූ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසනවා.

ඒ සඳහා එම කලහකාරි අවස්ථාවේ වීඩියෝ දර්ශන ද අධ්‍යයනය කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සහ කණ්ඩායම් නායකයන් ද වගකිව යුතු බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තුවේ ඇතිවන කලහකාරී තත්ත්වයන් වළක්වා ගැනීම කතානායකවරයාගේද වගකීමක් නොවන්නේදැයි නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවසුවේ මන්ත‍්‍රීවරුන් 225 දෙනෙකු සිටින ස්ථානයක කලහකාරී තත්ත්වයක් ඇති වු විට එය පාලනය කිරීම කතානායකවරයාට වුවද අසීරු සහ වෙහෙසකාරී බවයි.