Saturday, October 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ තත්ත්වය ගැන විද්වතුන් කියන කතාව

ඩිල්ෂාන් මඩවල




පාර්ලිමේන්තුවේ ඊයේ (10) ඇති වූ කලහකාරී තත්ත්වය ත‍්‍රස්තවාදයේ තවත් නිරූපණයක් බව සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර පවසනවා.

එම කලහකාරී තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි ඔහු ඒ බව පැවසුවේ.

පාර්ලිමේන්තුව මෙලෙස කලහකාරි වීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක් වන බවද සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර මෙහිදි කියා සිටියා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සුරේන් රාඝවන්ගෙන් ද විමසීමක් කළා. ඔහු පැවුසවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසීරීම දිනෙන් දිනම පිරිහෙමින් තිබෙන බවයි. 

තවත් කල් නොයවා දේශපාලන සඡ්ඡායනාවක් රට තුළ සිදු කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තුවේදී ඇතිවන කලහකාරී තත්ත්වයන් නිසා නීතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය තවදුරටත් පළුදු වී පාලනයට සහ ප‍්‍රශ්න විසඳා ගැනිමට ඔවුන් අසම්මත ක‍්‍රමවලට පෙළඹිය හැකි බවටද මෙම සංවාදයේදී විස්තර කෙරුණා.