Saturday, October 19, 2024

General line - 0115112241

ඡන්දෙට සූදානම් දූෂිත අපේක්ෂකයන් 52ක් ගැන වාර්තාවක්

සජිත් තිලකරත්න




මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින විවිධ අපරාධ සහ වංචා හෝ දූෂණවලට සම්බන්ධ අපේක්ෂකයන් පනස් දෙදෙනෙකු සම්බන්ධයෙන් මාර්තු 12 ව්‍යාපාරය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ මෙම පිරිස සම්බන්ධයෙන් සමීප නිරීක්ෂණයන් සිදු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවයි. ඔවුන්ගෙන් අනෙකුත් අපේක්ෂකයන්ට එල්ල විය හැකි හිරිහැර සහ පීඩාවන් පිළිබඳවද මෙහිදී දැනුවත් කළ බවයි පැවසුවේ.

විවිධ අපරාධ සහ වංචා හෝ දූෂණවලට සම්බන්ධ තැනැත්තන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළත් ඔවුන්ගේ සභික ධූර අවලංගු කළ හැකි බවද මෙහිදී සිහිපත් කෙරුණා.

ඡන්දය ප‍්‍රකාශ කිරීමේදී ඒ පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි පැෆරල් සංවිධානය ඡන්ද දායකයන්ගේන ඉල්ලා සිටියේ.

විවිධ අපරාධ සහ වංචා හෝ දූෂණවලට සම්බන්ධ, නැතහොත් මැතිවරණ නීති උල්ලංඝණය කරන තැනැත්තන් පිළිබඳ නොබියව වාර්තා කිරීමට නෙත් නිවුස් කටයුතු කරනවා.

එවැනි තැනැත්තන් පිළිබඳ හෝ මැතිවරණ නීති උල්ලංඝණය කරන අවස්ථා පිළිබඳ දන්නේ නම් එම තොරතුරු නෙත් නිවුස් වෙත ලබා දීමට ඔබට ද හැකියි.

ඒ සඳහා නෙත් නිවුස් මැතිවරණ මෙහෙයුම් මැදිරියේ 077 - 200 18 65 යන දුරකථන අංකය විවෘතව තිබෙනවා.