Saturday, October 19, 2024

General line - 0115112241

වැල්ලවායෙන් මතු වූ මෝටාර් උණ්ඩය 

ජයන්ත වීරසේකර




වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් බුදුරුවාගල රක්ෂිත ප්‍රදේශයේ දී ඊයේ (10) සවස මෝටාර් උණ්ඩයක් හමු වී ඇති බව පොලිසිය පවසනවා.

මෙම රක්ෂිත ප්‍රදේශයට ගවයින් දක්කාගෙන ගිය පුද්ගලයකු මෙම උණ්ඩය දැක ඇති අතර ඔහු විසින් වැල්ලවාය පොලිසියට කළ දැනුම් දීමකට අනුව වැල්ලවාය පොලිසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

කුමන හේතුවක් මත මෙම උණ්ඩය එම ස්ථානයට ගෙනැවිත් දැමුවේ ද යන්න මේ වන විටත් අනාවරණය වී නොමැති අතර වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය අද (11) මෙම උණ්ඩය නිෂ්ක්‍රීය කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳව වැල්ලවාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනවා.