Saturday, October 19, 2024

General line - 0115112241

මත්පැන් පිළිබඳ කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම ගැන කාන්තා සංවිධාන කියන කතාව

ඩිල්ෂාන් මඩවල




මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමක් බව ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ පවසනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට මෙතෙක් තිබූ තහනම ඉවත් කිිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර ඊයේ (10) ගැසට් නිවේදනයකට අත්සන් තැබූ බවයි.

නෙත් නිවුස් ඒ පිළිබඳව කළ විමසීමකදී ශී‍්‍ර ලංකා නිදහස් කාන්තා පෙරමුණ ඉහත අදහස් පළ කළා.  

එහි උප සභාපති රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "අපේ රටේ සංස්කෘතිය තුළ කාන්තාවන් කොහොමත් මත්පැන් භාවිතයට ගොදුරු වෙලා නෑ. නමුත් සුළු පිරිසක් හිටියා මත්පැන් පානය කරපු...මේ නීතිය කාන්තාවන්ට වෙනත් විදිහකටත් පිරිමින්ට වෙනත් විදිහකටත් බලපාලා තිබුණු එකට අපි විරුද්ධ වුණා. මේක කාන්තාවන්ට පමණක් තහනම් කර තිබීම තුළ කාන්තාවන්ට වෙනත් සැලකීමක් තමයි තිබුණේ. නීතිය තියෙන්නට ඕනේ දෙපාර්ශවයටම සමානවයි. " යනුවෙනි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ලක් වනිතා පෙරමුණෙන්ද විමසීමක් කළා. එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සඳහන් කළේ කාන්තාවන් මත්පැන් පානය කිරීම කෙසේවෙතත් නිෂ්පාදන කියන අංශයට යොමුවීම පිළිබඳව තමා වරදක් නොදකින බවයි.

මත්පැන් නිෂ්පාදනයට, අලෙවි කිරීමට හා මිලදී ගැනීමට කාන්තාවන්ට තිබූ තහනම ඉවත් කිරීම නිසා මත්පැන් භාවිතය වැඩිවිය හැකි බවටද මතයක් පවතිනවා.