Saturday, October 19, 2024

General line - 0115112241

පී.බී අබේකෝන්ට අද සිතාසි




අඛණ්ඩව වසර 3ක කාලයක් වත්කම හා බැරකම් ප්‍රකාශ ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළද ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩු 3ක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට හිටපු ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්ට අප්‍රේල් මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (11) සිතාසි නිකුත් කළා.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩු තුනක් අප්‍රේල් මස 06 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කෙරුණා .

2010 වර්ෂයේ සිට 2014 දක්වා කාලයේ සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් කිරීමට අපොහොසත් වු බවට අල්ලස් කොමිසම හිටපු අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබෙනවා.

හිටපු අමාතයවරයා මේ නඩු සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටිනවා.