Saturday, October 19, 2024

General line - 0115112241

කොකේන් කිලෝ 900ක් කටුනායකට ගේනවා - පොලිසිය කියයි




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැණුනු කොකේන් කිලෝ ග‍්‍රෑම් 900ක තොගයක් ප‍්‍රසිද්ධියේ විනාශ කිරීමට තීරණය කර තිබෙනවා.

කටුනායකදී ලබන සඳුදා (15) දිනයේදී මෙම කොකේන් තොගය විනාශ කරන බවයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. 

අත්අඩංගුවට ගැනෙන මත්ද්‍රව්‍ය ප‍්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය සාගල රත්නායක ඉකුත් දා කියා සිටියා.