Saturday, October 19, 2024

General line - 0115112241

රථ වාහන දඩ පත්‍රය නිවසටම එවනවාලු

කසුන් කැලුම්




රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ අදාළ පුද්ගලයාගේ නිවසට එවීමේ ක්‍රමවේදය පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පැවසුවා.

රාජකාරි කරන ස්ථානයේ පවතින දුෂ්කරතා සලකා බලා රථවාහන රාජකාරියේ නිරත නිලධාරීන්ට අමතර දීමනාවක් ලබා දීමටද කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රථවාහන පොලිස් නිලධාරීන් සඳහා ජාතික රතුකරුස සංගමයේ අනුග්‍රහයෙන් පවත්වන ප්‍රථමාධාර වැඩසටනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්‍.