Saturday, October 19, 2024

General line - 0115112241

යූ.ආර් ද සිල්වා යළිත් සභාපති

ඩිල්ෂාන් මඩවල




ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා යළි පත් වී තිබෙනවා.

නාම යෝජනා භාර ගැනීම ඊයේ (10) සිදු කෙරුණු අතර, විරෝධතා ගොනු කිරීමට අද (11) දිනය දක්වා කාලය ලබා දී තිබුණා.

කෙසේවෙතත් සභාපති ධුරය සඳහා වෙනත් නාම යෝජනා හෝ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වාගේ නාම යෝජනාවට විරෝධතා හෝ ඉදිරිපත් වූයේ නැහැ.

ඒ අනුව, ජනාධිපති නිතිඥ යූ. ආර්. ද සිල්වා ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස නැවත පත් වූයේ නිතරගයෙන්. එහි නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න නිතරගයෙන් පත්වුණා.