Saturday, October 19, 2024

General line - 0115112241

එස් එෆ් බණ්ඩා ඇතුළු තිදෙනාගේ ඝාතනයට සැකපිට ව්‍යාපාරිකයෙකු අල්ලයි 




නම ගිය අපරාධකරුවෙකු වූ එස් එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු මීට මාස 21කට පමණ පෙර මෝටර් රථයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

2016 වසරේ අප්‍රේල් මස 30 වනදා තුරුවිල - තිරප්පනේ මාර්ගයේ කැළෑබද ප්‍රදේශයක දී එම ඝාතනය සිදුව තිබුණා. 

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය මූලික විමර්ශන සිදු කිරීමෙන් පසු සැකකරුවන් අනාවරණය නොවීම නිසා එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුණා.