Saturday, October 19, 2024

General line - 0115112241

ණය යෝජනා ක්‍රම 15ක්! 75% පොලී සහනයක්




තරුණ ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා සහන පොලීමත ණය ලබා දීම එළඹෙන මාර්තු මස සිට ආරම්භ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මෙරට ආර්ථික කි‍්‍රයාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහි කිරීමේ අරමුණින් යුතුව 2018 අයවැය ප‍්‍රධාන යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඇතුලත් කර තිබුනා.

ඒ අනුව ණය යෝජනා ක‍්‍රම 15ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60, 000ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබා දීමට නියමිතයි.

තරුණයන් කාන්තාවන් හා විශේෂ හැකියා ඇති පුද්ගලයින්ට ව්‍යපාර ආරම්භ කිරීම සඳහා සියයට 75ක සහනදායී පොලියක් මත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබා ගැනීමට හැකි වනවා. මෙම සහනදායී පොලිය රජය මගින් දරණු ලබන අතර එකී පොලිය ගෙවිම සඳහා භාණ්ඩාගාරය මගින් වෙන්කර ඇති මුදල රුපියල් 5, 000ක්.