Saturday, October 19, 2024

General line - 0115112241

ඡන්දයක් එපා කියන්න ඇමති අමරවීර උසාවි එයි




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ම`ඩුල්ල ප‍්‍රාදේශීය සභාව ස`දහා ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද රීට් පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර විසින්.
අදාළ නාමයෝජනා ලැයිස්තුවේ විදුහල්පති දෙවන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ නම ඇතුළත්ව ඇති බවටයි පෙත්සම ම`ගින් පෙන්වා දී ඇත්තේ. එය මැතිවරණ නීතියට පටහැනි බැවින් එම නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.