Saturday, October 19, 2024

General line - 0115112241

නිෂ්පාදන කර්මාන්ත අංශයේ 4%ක වර්ධනයක්




2016 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේ නිෂ්පාදන කර්මාන්ත අංශයේ නිෂ්පාදන ධාරිතාවයෙහි 4%ක වර්ධනයක් වාර්තා වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද නිකුත් කළ 2017 නොවැම්බර් මාසයට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනයේ මේ බව සඳහන්. 2016 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේ ඛණිජ තෙල් පිරිපහදු කිරීමේ නිෂ්පාදන, පිරිසකසන ලද ලෝහ නිෂ්පාදන සහ මූලික ඖෂධ නිෂ්පාදනවල කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන්.

පසුගිය නොවැම්බර් මාසයේ ආහාර නිෂ්පාදන අංශයෙහි සියයට 03යි දශම 4ක වර්ධනයක් සිදුව ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.