Saturday, October 19, 2024

General line - 0115112241

දිනන මන්ත්‍රීන්ට වැරදි කරන්න ඉඩ නොතබයි




වංචා, දුෂණ සිදු කරමින් රාජ්‍ය දේපළ සහ වත්කම් විනාශ කරන සියලූදෙනාට දේශපාලන පක්ෂ තනතුරු හෝ තත්වය නොසලකමින් දඬුවම් ලබාදීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මහජන නියෝජිතයෙකුට වැරදි කිරීමට තමන් ඉඩ නොතබන බවයි තමන් කියා සිටියේ.

පොළොන්නරුව දියසෙන්පුර ප‍්‍රදේශයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.