Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කරය ගැන අල්ලස් කොමිසම වැඩ අරඹයි

හේමන්ත කහවලගේ




බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ප‍්‍රධානීන් අද (12) රැස් වනවා.

ඒ අනුව අල්ලස් කොමිසමේ සභාපතිවරයා, අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ සෙසු කොමසාරිස්වරුන් අද රැස්වී එහි ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට විමර්ශන කණ්ඩායමක් පත් කිරීමටයි යෝජනා වී ඇත්තේ. එම කණ්ඩායම නම් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති.