Saturday, October 19, 2024

General line - 0115112241

බැඳුම්කර ගැන ප්‍රකාශ කරන්න මට උවමනා නැහැ

හේමන්ත කහවලගේ




බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 2008 - 2014 කාලය තුළ බැඳුම්කර නිකුත් කිරීම්වල දී සිදුව ඇති අක‍්‍රමිකතා පිළිබඳ හිටපු මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදු කළ යුතු බවට අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා. 

අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ චෝදනාව පරීක්ෂණයක් මගින් ඔප්පු කර නොමැති බවයි මහින්ද රාජපක්ෂ මහතා නෙත් නිවුස් වෙත සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.