Saturday, October 19, 2024

General line - 0115112241

යාපනය සරසවියේ කොටසක් වසා දමයි

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන හා සිව්වන වසර පන්ති වසා දමා තිබෙනවා. එම සිසුන් අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් එම පංති දෙක වසා දැමුණු බවයි විශ්ව විද්‍යාල පාලන අධිකාරිය සදහන් කළේ. එම ගැටුමෙන් සිසුන් පිරිසක් සුළු තුවාල සිදුව ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ගැටුම සමතයකට පත් කිරීම වෙනුවෙන් කලා පීඨයේ තෙවැනි වසර හා සිව්වන වසර තාවකාලිව වසා දැමුණා. විශ්ව විද්‍යාල කලා පීඨයේ පළමු හා දෙවැනි වසරවල අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි පවත්වන අතර, ගැටුමට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගැනීමට නියමිත බවද විශ්ව විද්‍යාල පාලක සභාව සදහන් කළා.