Thursday, September 19, 2024

General line - 0115112241

නළුකමට එහා ගිය මනුස්සකම – ‘කබාලි‘ සුපිරිතරුව රජිනිකාන්ත් ගැන ඔබ නොදත් කාරණා ටිකක් මෙන්න!



මේ දිනවල දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් පිළිබඳ වැඩි වශයෙන් කතා බහ වන්නේ ඔහුගේ නවතම චිත්‍ර‍පටය වන කබාලි ලොව පුරා තිරගත වීම ආරම්භ වීමත් සමගය.ලෝකයට ඔහු සුපිරි තරුවක්ය.ලෝ පුරා සිටින ඔහුගේ අනුගාමිකයෝ අප්‍ර‍මාණය.

නමුත් සුපිරි තරුවකට එහා ගිය මනුස්සයෙක් ඔහු තුළ ජීවත් වේ.

ඔහු නලුවෙකු වීමට පෙර බැන්ග්ලොර් බස්රථයක කොන්දොස්තරවරයෙකුය.

ඔහු සැබෑ ජිවිතයේදී කිසිදිනෙක මේක්අප් භාවිතා නොකරයි.

ඔහු කොන්දොස්තරවරයෙකු ලෙස ක්‍රියා කළ බසයේ රියදුරු රාජ් බහදුරු තවමත් ඔහුගේ හොදම මිතුරාය.

ඔහු පවසන ආකාරයට රජිනි තවමත් ඔහුගේ නිවසට පැමිණෙයි, එකට කාලය ගත කරයි, දුරකථන සංවාදයේ යෙදෙයි.ඔහු වැන්නෙකුට තමා හා එවැනි සම්බන්ධයක් පවත්වාගෙන යා යුතු නැතත් ඔහු එවැනි මිනිසෙකු බව ඔහු කියයි.

රජිනි කිසිදිනෙක වෙළඳ සන්නාම වෙනුවෙන් පෙනී සිට නැත.

ආරාධනා බොහොමයක් පැමිණියත් ඔහු දේශපාලනයට පැමිනිම ප්‍ර‍තික්ෂේප කොට ඇත.

ඔහු චෙන්නායි වලදි තම උපන්දිනය සමරන්නේ නැත.ඒ 1990 වසරේ පැවති ඔහුගේ උපන්දින සාදයට පැමිණි 3 දෙනෙක් ආපසු යන අතරමගදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බැවිණි.

ඔහුගේ ආදායමෙන් 50% දුප්පතුන් අතර බෙදා දෙයි.