Saturday, October 19, 2024

General line - 0115112241

මහ බැංකුව බැඳුම්කර වැරදිකරුවන්ට දඬුවම් දීම දැනටමත් අරඹලා




බැදුම්කර කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපතක් මහබැංකු අධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. මහබැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එහි ඇතුළත් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සලකා බැලීම සදහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු විසින් මෙම වාර්තාව මහබැංකු අධිපතිපතිවරයා වෙත භාරදුන් බවයි. එහි අඩංගු ඇතැම් නිර්දේශයන් මේ වනවිට කි‍්‍රයාවට නංවා ඇති අතර අනෙක් නිර්දේශයන් බොහොමයක්ම කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කර ඇති බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.

මුදල් මණ්ඩලය විසින් අදාළ පියවර ගැනීම සදහා නීතිපතිවරයාගේද උපදෙස් ලබාගෙන තිබෙනවා. වාර්තාවේ ඇතුළත් නිර්දේශයන්ට අදාළ මෙතෙක් ගෙන ඇති සහ ගැනෙමින් පවතින පියවර මෙන්ම කි‍්‍රයාමාර්ග පිළිබදවද මහජනතාව දැනුවත් කිරීමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා. රාජ්‍ය ණය සහ සේවක අර්ථසාධක අරමුදල කළමණාකරණය කිරීමේ කටයුතු සම්බන්ධව විනිවිදභාවය වර්ධනය කිරීමත් සුදුසු බවයි මුදල් මණ්ඩලය පෙන්වා දී ඇත්තේ. ශී‍්‍ර ලංකා මහබැංකුව පැවසුවේ මුදල් මණ්ඩලය විසින් ජනාධිපති කොමිසමේ වාර්තාව අඛණ්ඩව සැලකිල්ලට ගෙන සුදුසු පරිදි වැඩිදුර කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි. සුරැුකුම්පත් කොමිසමේ ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් සමාගමේ වත්කම් පිළිබදවද ඉදිරියේදී පියවර ගැණෙනු ඇති.


ශී‍්‍ර ලංකා මහබැංකු කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ගද ගෙන තිබෙනවා. ඒ, මහබැංකුව සිදුකරන ලද අභ්‍යන්තර සහ විමර්ශන කටයුතුවලින් අනාවරණ වූ කරුණු මත ශී‍්‍ර ලංකා මහබැංකු අත්පොතේ වර්ගීකරණ, පාලන සහ අභියාචනා රීතින්හි විධිවිධානවලට අනුවයි. ඉන් හතර දෙනෙකු මේ වනවිට වැඩතහනමට ලක්කර ඇති බවයි ශී‍්‍ර ලංකා මහබැංකුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.