Saturday, October 19, 2024

General line - 0115112241

කොස්ගොඩ  සුජී සහ මාකඳුරේ මධුෂ් අල්ලන්න ඇමති ජාත්‍යන්තර සහය පතයි

හේමන්ත කහවලගේ




කොස්ගොඩ  සුජී සහ මධුෂ් නමැති පාතාල නායකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහය ලබාදෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම පාතාල නායකයින් දෙදෙනා ඩුබායි වෙත පලාගොස් සිටින බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත්තේ ඒ අනුවයි. මීට අමතරව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා ද මෙහෙයුම් ක‍්‍රියාත්මක වනවා. 

කොස්ගොඩ සුජී නමැත්තාට කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.