Saturday, October 19, 2024

General line - 0115112241

එකම ගෙදර සිටින  අඹු සැමියෝ 'අලියයි පොහොට්ටුවයි දෙකෙන්ම' ඉල්ලනවා  




පක්ෂ දෙකකින් මෙවර පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වන  අඹුසැමි යුවළක් පිළිබඳව කෝට්ටේ නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ,එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින්. 

විමල විහාර පාර,නාවල ලිපිනයේ පදිංචි  අමදෝරුගේ කිංස්ලි දයාරත්න අමරතුංග සහ තල්පාවිල කංකානම්ගේ ගීතිකා ප්‍රියදර්ශනී මෙම දෙදෙනායි.


ඔවුන් දෙදෙනා පක්ෂ දෙකම ඉදිරිපත් කර ඇත්තේ අනු ලැයිස්තුවෙනුයි.