Saturday, October 19, 2024

General line - 0115112241

ඝාතනයකට සැක දෙදෙනෙක් ගිණි අවි සමග අත්අඩංගුවට




නාගලම්වීදිය ප‍්‍රදේශයේදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඝාතනය සදහා යොදා ගැණුනු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක්ද ඔවුන් සතුව තිබී සොයා ගැණුනු බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 සහ 27 වන වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. සැකකරුවන් අලූත්කඬේ අංක 4 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.