Saturday, October 19, 2024

General line - 0115112241

තහනම් කළ "විමුක්ති කොටි" ඡන්දයට ඇවිත්

දිනසේන රතුගමගේ




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී විමුක්ති කොටි යන්න භාවිත කිරීම මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් තහනම් කොට තිබියදී උතුරේ දේශපාලන කටයුතුවල නිරත වන ඇතැම් පිරිස්  එම වචන භාවිත කරන බව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර පවසනවා. එල් ටී ටී ඊ සංවිධානයේ හිටපු සාමාජිකයින් දෙමළ ජාතික සන්ධානයට සහාය දක්වමින් එම වචන භාවිත කරන බවයි යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ. 

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී හා සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් එක්ව දෙමළ ජාතික සන්ධානයට එරෙහිව පිහිටුවන ලද දෙමළ විමුක්ති සන්ධානය මේ වන විට  දෙමළ ජාතික විමුක්ති සන්ධානය වශයෙන් භාවිත කරණු ලබනවා.

තම සන්ධානය කිසිවිටෙකත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින්ගේ සහාය හෝ ඔවුන්ගේ නාමයන් හෝ විමුක්තිකාමීන් යන වචනය යොදා නොගන්නා බවයි සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පැවසුවේ.