Saturday, October 19, 2024

General line - 0115112241

හෙද වර්ජනය නිසා ජයවර්ධනපුර රෝහල අද 10වන දිනටත් අඩපණයි




ශ‍්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ පවතින හෙද වර්ජනය අද දිනය තුළ අවසන් කර ගැනීමට සෑම උත්සහයක්ම දරන බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත සේනාරත්න පවසනවා. අදාළ ගැටළුව සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග සාකච්ඡුාවක නිරත වු බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මෙම වර්ජනය අද පැවැත්වෙන්නේ 10වන දිනටයි. හෙද කාර්යය මණ්ඩලය සඳහා පැමිණීමේ වේලාව සටහන් කිරීමට ඇගිලි සලකුණු යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කිරීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කෙරුනා.