Saturday, October 19, 2024

General line - 0115112241

මළ අපද්‍රව්‍ය නිසා ලංකාවේ අගනගරය  අර්බුධයක! 




කෝට්ටේ ප්‍රදේශයේ  මළ අපද්‍රව්‍ය බැහැර කරන නළ  පද්ධතියක් නොමැති වීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇති බව හිටපු නගරාධිපති ජනක රණවක පවසනවා.

කෝට්ටේ ආසනයේ අංක 04 කොට්ඨාශයේ ප්‍රදේශවාසීන් දැනුවත් කිරිම සඳහා සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඉක්මනින්ම ඊට ස්ථිර විසඳුමක් දීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

කුඩා වැස්සකට වුවද අරුණෝදය මාවත සහ බුත්ගමුව පාර ඇතුළු ප්‍රදේශවල ජනතාව පීඩා විඳින බව පෙන්වාදුන් හිටපු නගරාධිපතිවරයා එම පිරිස් සඳහා නිවාස ව්‍යාපෘතියක අවශ්‍යතාව ද එහිදී පෙන්වා දුන්නා.


කෝට්ටේ රාජධානිය සංචාරක පුරවරයක් කිරීම සඳහා පැරණි නටඹුන් ප්‍රතිසංස්කරණය කිරීමට තමන් කටයුතු කරන බවද ඔහු එහිදී කියා සිටියා.