Wednesday, October 23, 2024

General line - 0115112241

පොහොට්ටුව ඉදිරිපත් කළ පෙත්සම විභාගයට

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ රීට් පෙත්සම් 6ක් සලකා බැලීම ජනවාරි මස 23වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළා.

මහරගම, වැලිගම, පානදුර යන නගර සභා සහ මහියංගනය, තිරප්පනේ, අගලවත්ත යන ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිවයි මෙම පෙත්සම් ගොනු කර තිබුනේ.

වගඋත්තරකරුවන්ට මෙතෙක් නොතීසි ලැබී නොමැති බැවින් මෙම පෙත්සම් මීළග දින දක්වා කල් තැබුනා.

 එම පෙත්සම් කැඳවනු  ලැබුවේ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සිසිර ද ආබෘෘගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.