Friday, October 18, 2024

General line - 0115112241

උතුරු අහස සරුංගලෙන් වර්ණවත් වූ හැටි (PHOTOS)

වවුනියාව - මාධව කුලසූරිය




තෛපොංගල් දින උත්සවයට සමගාමීව සෑම වසරකම පාහේ පවත්වන යාපනය සරුංගල් සැණකෙළිය ඊයේ(14) යාපනය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් යාපනය වැල්වැටිතුරෙයි විග්නේශ්වරා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,උතුරු පළාත් සභා අධ්‍යාපන හා  ක්‍රීඩා අමාත්‍යාංශය එකාබද්ධව සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ කටයුතු සංවිධානය කර තිබුණා.

වෙහෙසට පත් වු ගොවියාගේ හා ධීවරයාගේ විඩාව සංසිඳුවා ගැනීමේ අරමුණින් සාමිප්‍රදායක් ලෙස සරුංගල් සැණකෙලිය පවත්වන බව යාපනය වැල්වැටිතුරෙයි ජනතාව පැවසුවා.

කරත්ත,මාළිගාවන්, සත්ව රූප ආදි විවිධ අනුරූ ආකාරයට ඉතා විශාල ප්‍රමාණයේ සරුංගල් රැසක් සරුංගල් සැණකෙළිය වෙනුවෙන් සකස් කොට තිබුණා.

නයිලෝන් ලණු ආධාරයෙන් විශාල ප්‍රමාණයේ සරුංගල් ඉහළ නංවනු ලැබුවා.

සරුංගල් සැණකෙළියට විශාල පිරිසක් සහභාගි වි සිටි බවයි වෙක් නිවුස් වාර්තාකරු පැවසුවේ.