Friday, October 18, 2024

General line - 0115112241

සුදුසුම පුද්ගලයා තෝරාගන්න - පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

තරංග රුක්ෂාන් ජයසේකර




ඔබේ ඡන්දයෙන් මෙවර ඔබේ කොට්ඨාසයට ඔබ තෝරාගැනීමට බලාපොරොත්තු වන්නේ කොයිවිදියේ දේශපාලනඥයෙක්ද? ඔහු හෝ ඇය ඔබේ ගම, නගරය වෙනුවෙන්, රට වෙනුවෙන් ඉටු කළ යුත්තේ මොනවාද?

මේ, ඔබේ ඡන්දයෙන් පළාත් පාලන ආයතනයකට යවනු ලැබූ දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය පිළිබ අනාවරණයක්.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක‍්ෂ රෝහණ හෙට්ටිආරච්චි එම තොරතුරු අනාවරණ කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉකුත් දිනවල සිදු කළ අධ්‍යයනයකින් පසුවයි.

පසුගිය පළාත් පාලන ආයතනවල කාල සීමාවේ දී සෑම දිනයකම කුමන හෝ දේශපාලනඥයෙකුට කුමන හෝ චෝදනාවක් එල්ල වන ස්වරූපයක් දක්නට ලැබුණු බවයි ඔහු කියා සිටියේ.

මෙවර ද ඔබේ ඡන්දයෙන් ඔබ තෝරාගැනීමට අපේක්ෂා කරන්නේ එවැනි දේශපාලනඥයෙකුමදැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක‍්ෂ රෝහණ හෙට්ටිආරච්චි ඔබේන් ප්‍රශ්න කරනවා.

ගමට නගරයට මෙන්ම රටට ද නායකත්වය ලබාදිය හැකි නිවරැදිම නායකයෙකු තෝරාගැනීමේ වගකීම ඇත්තේ ද ඡන්දදායකයා සතුව බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.