Friday, October 18, 2024

General line - 0115112241

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 355




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 355ක් වාර්තා වන බව පැෆරල් සංවිධානය පවසනවා.

ඉන් 37ක් බරපතල ගණයේ සිද්ධීන් බවයි පැවසෙන්නේ.

පහර කෑමට ලක්වූ 06 දෙනෙකු ද රෝහල්ගත වී තිබෙනවා.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නීති විරෝධි ප්‍රචාරක කටයුතුවලට අදාළවයි.

මේ අතර විවිධ අපරාධ සහ වංචා හෝ දූෂණවලට සම්බන්ධ, නැතහොත් මැතිවරණ නීති උල්ලංඝණය කරන තැනැත්තන් පිළිබ නොබියව වාර්තා කිරීමට නෙත් නිවුස් තවදුරටත් කටයුතු කරනවා.

එවැනි තැනැත්තන් පිළිබ හෝ මැතිවරණ නීති උල්ලංඝණය කරන අවස්ථා පිළිබ තොරතුරු දන්නේ නම් එම තොරතුරු නෙත් නිවුස් වෙත ලබා දීමට ඔබට ද හැකියි.

ඒ සහා නෙත් නිවුස් මැතිවරණ මෙහෙයුම් මැදිරියේ 077 - 200 18 65 යන දුරකථන අංකය විවෘතව තිබෙනවා.