Friday, October 18, 2024

General line - 0115112241

මත්පැන් ගැසට් නිවේදන ගැන විවිධ කතා

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




මත්පැන් ගැසට් නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් සහ ඒවා අවලංගු කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ දරන්නේ විවිධ අදහස්. නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් අතින් සිදු වූ අඩුපාඩුවක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මෙවැනි තීරණ ගැනීමේ දී බලධාරින් ජනාධිපතිවරා දැනුවත් කරන්නේ නම් මෙවැනි ගැටළු පැන නොනගින බවයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ.

අවබෝධයකින් තොරව කටයුතු කිරිම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි තීරණයක් ගැනීමට මැදිහත් වූ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.

කෙසේ වෙතත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි ඒ සම්බන්ධයෙන් දරන්නේ වෙනත් මතයක්.

ඔහු පැවසුවේ අමාත්‍යවරයෙකුට යම් යම් තීරණ ගැනීමේ හැකියාවක් පවතින බවයි.

එම සියළුම තීරණ ජනාධිපතිවරයාට දැනුම් නොදෙන බවත් මත්පැන් සම්බන්ධයෙන් වූ තීරණය ජනාධිපතියරයා දැනුවත් කළේ නම් ඊට කිසිම අවස්ථාවක අනුමැතිය හිමි නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

බීර මිල සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රතිචාර දැක්වා සිටියා.

අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂයක් වශයෙන් ඔවුන්ට ඇත්තේ ප්‍රකාශ නිකුත් කිරිම පමණක් බවයි.

ඒ අයිතිය විපක්ෂයට ඇති අතර ගැලපෙන තීරණ ගැනීම රජයේ වගකීම බවද  ඔහු කියා සිටියා.

එහෙත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර කියා සිටියේ මෙම තීරණය ක්‍රියාත්මකවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාව සංශෝධනය කරමින් මුදල් අමාත්‍යංශය ඉකුත්දා එක් ගැසට් නිවේදනයක් නිකුත් කළා. මත්පැන් නිෂ්පාදනය කරන මෙන්ම අළෙවි කරන ස්ථානවල රැකියා කිරීම සදහා කාන්තාවන් යොදා ගැනීමට මෙතෙක් පැවති තහනමද ඉවත් කිරීමටයි පියවර ගැණුනේ. එම ගැසට් නිවේදන අද (15) සිට අවලංගු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.