Friday, May 3, 2024

General line - 0115112241

අපි අවතක්සේරු කරන්න එපා! කප් එක අරන් එනහැටි තිසර කියයි

කසුන් කැලුම්




සිය කණ්ඩායම කිසිසේත් අවතක්සේරු නොකළ යුතු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරා පවසනවා. බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

"අපි කොයි වෙලේ නැගිටියිද කියල දන්නේ නැහැ. අලුත් පුහුණුකරු සමග දිගු ගමනක් යන්න පුළුවන් කියල විශ්වාසයි. ඊයේ නරක දවසක් කියල හිතමු. තව තරග දෙකක් තියෙනව තරගාවලියේ රැඳී ඉන්න. අපි අපේ හරි ක්‍රිකට් එක ගැහුවොත් මම හිතනව අපිට තරගාවලියම ජය අරන් කප් එකත් අරන් එන්න පුළුවන් කියල"

ඊයේ පැවති තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වුයේ ලකුණු 163 කින්. මෙය බංග්ලාදේශ කණ්ඩායම වාර්තා කළ දැවැන්තම එක්දින ජයග‍්‍රහණය වනවා.