සත්කාරක නවසීලන්තය පරාජය කරමින් යොවුන් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ අර්ධ අවසන් පුර්ව වටයේ තරගය ලකුණු 202කින් ජය ගනිමින්.
අයි සී සී ප්රධානතම තරගාවලියක ඇෆ්ගනිස්තානය දැක්වූ හොඳම දක්ෂතාවයද මෙයයි. පලමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන යොවුන් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 309ක් රැුස් කළා. එම ඉලක්කය හඹා ගිය නවසීලන්ත යොවුන් කණ්ඩායමට පන්දුවාර 28ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 107 ක් පමණයි.
යොවුන් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා මේවනවිට ඇෆ්ගනිස්ථානය, ඔස්ටේ්රලියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා සිටිනවා.