Thursday, May 9, 2024

General line - 0115112241

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 40ක් මරුට




ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙක- මිය ගොස් තිබෙනවා.

තවත් 140කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ ගිලන් රථයකින් බවට සැක කෙරෙනවා.

එහි පුපුරණ ද්‍රව්‍ය සවි කර තිබුණු බවද එම ගිලන් රථය පොලිස් මාර්ග බාධකයක් හරහා වේගයෙන් ධාවනය කර විවෘත ස්ථානයකදී පිපිරවීම සිදු කර ඇතැයි  සඳහන්.

යුරෝපා සංගමයේ කාර්යාලයක් සහ ඇෆ්ගනිස්ථාන ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පැරණි ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ ද ඊට ආසන්න ප්‍රදේශයකයි.

ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය භාරගෙන තිබෙනවා.