Saturday, May 4, 2024

General line - 0115112241

ලොව වයස්ගතම ගෝරිල්ලකු ජීවිතයෙන් සමුගනී

බී.බී.සී ඇසුරෙන්




අමරිකාවේ සිටි ලොව වයස්ගතම ගෝරිල්ලකු මිය ගොස් තිබෙනවා. සැන්ඩියේගෝ සත්වෝද්‍යානයේ සිටි මෙම ගෝරිල්ලා ගැහැණු සත්ත්වයකු වන අතර ඇගේ නම විලා.

මියයන විට මිලාගේ වයස අවුරුදු 60ක් පමණ වන බවයි බීබීසී ලෝක සේවය පැවසුවේ.

සත්වෝද්‍යාන බලධාරීන්ට අනුව මිලා උපත ලබා ඇත්තේ 1957 වර්ෂයේදීයි. ගෝරිල්ලකුගේ සාමාන්‍ය වයස් සීමාව අවුරුදු 35 ත් 40 ක් පමණ වන බවයි සැලකෙන්නේ.

එහෙත් එම වයස් සීමාව ඉක්මවා ගිය ගෝරිල්ලන් සුළු පිරිසක් මේවනවිට සත්වෝද්‍යාන කිහිපයක් තුළ රැකවරණය යටතේ සිටිනවා.

එලෙස සිටින ගොරිල්ලන් කිහිපදෙනාගෙන් මේ වනවිට ලොව වයස්ගතම ගෝරිල්ලා ලෙස නම් දරා සිටින්නේ අමරිකාවේ අර්කන්සාස් හි වෙසෙන ටෘෘඩි නම් ගැහැණු ගෝරිල්ලායි. මේ වනවිට ඇගේ වයස අවුරුදු 61ක්.