Saturday, January 11, 2025

General line - 0115112241

UNP ආධාරකාරිනිය නිවසේ සිටිනු දැන නිවස තුළට අලි වෙඩිල්ලක් පත්තු කර දමලා

ජූඩ් සමන්ත




කිසියම් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිල්ලක් දමා තිබෙනවා.

සාලියවැව පොලිසිය සඳහන් කළේ නිවසට අලි වෙඩිලක් දමා බියට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

ඊයේ (11) දින සවස මෙම සිදුවීම ඇති වී තිබුණා.

ඉහළ පුලියන්කුලිම, අළුත්ගම - බුද්ධි ඉදුවර ගම්මනයේ පදිංචි විජයකෝන් මුදියන්සේලාගේ කාංචනා ශලනි යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.

තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට පැමිණි පොදුජන පෙරමුණ ආධාරකරුවෙකු තමාගේ නිවසට මෙලෙස අලි වෙඩිල්ලක් පත්තු කර දමා ගිය බවයි පැමිණිළිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.