පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ගාල්ල මහනගර සභාවේ බල පෙරළියක සූදානමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.
අවසන් ප්‍රතිඵලයට අනුව ගාල්ල මහ නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂයට දිනා ගත හැකිවූයේ මන්ත්‍රී ආසන 14ක් පමණයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 13ක් දිනා ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන 3 බැගින් දිනා ගත්තා.
ඒ අනුවල අඩු ආසන හිමි කරගත් දේශපාලන පක්ෂ සමග සන්ධානගත වී ගාල්ල මහ නගර සභාවේ බලය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.