Saturday, January 11, 2025

General line - 0115112241

ඊයේ ඇමතිවරු සමග සාකච්ඡා කළ අගමැති අද එජාප මන්ත්‍රි කණ්ඩායම සමග සාකච්ඡාවක් - සාකච්ඡාවේ අරමුණ මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර




පවතින දේශපාලන තත්ත්වය පිිළිබඳ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම අතර සාකච්ඡාවක් අද (12) පස්වරුවේ පැවැත්වෙනවා.

අමාත්‍ය ජෝන් අමරතුංග නෙත් නිවුස් වෙත කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය සකසා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවයි.

එක්සත් ජාතික පක්ෂය සුපුරුදු පරිදී සිය කටයුතු ඉදිරියට කරගෙන යන බවත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලය ඊට බාධාවක් නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

මේ අතර, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් අතර ඊයේ (11) රාත‍්‍රියේ ද අරලියගහ මන්දිරයේදි විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.