පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ හට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයක් මතයි.
මෙලෙස නාමල් රාජපක්ෂ මන්තී‍්‍රවරයාට විදේශ ගත වීම සඳහා අවසර ලබා දී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු තරුණ සමුළුවට හා නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුලූ සඳහා සහභාගී වීම වෙනුවෙන්.
ක‍්‍රිෂ් ගනුදෙනුවේ නඩුවකට අදාළවයි ඔහුට එරෙහිව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණේ.