ප‍්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේනගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට CIDයට අවසර ලබා දී තිබෙනවා.
ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. ඒ අනුව, ලබන 13,14 සහ 15 යන දිනවල ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගන්නා ලෙසයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.
අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු අවභාවිත කිරීම, කුමන්ත‍්‍රණය කිරීම හා අනුබල දීම අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන සිදු කළ වරදක් ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනගෙන ඇත්තේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ද ලබන 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා ඉකුත් දා නියෝග කළා.