Saturday, January 11, 2025

General line - 0115112241

අළුත් ආණ්ඩුවට සහාය දෙන්නේ අපේ ප්‍රතිපත්තිවලට ගරු කළහොත් විතරයි - TNA

වසන්ත පිවිතුරු




එක්සත් ජාකික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එක්ව නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් සාකච්ඡා කරමින් සිටින බවයි අනාවරණය වුණේ.

ඊයේ (11) නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ද පැවති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වහාම තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි එක්සත් ජාතික පක්ෂ ජනතා නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාට බලකර ඇත්තේ

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර පැවති ජාතික ආණ්ඩුව සඳහා වූ ගිවිසුම පසුගිය ජනවාරි මස 31 වනදායින් අවසන් වී ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධනයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජීලිංගම්ගෙන් nethnews.lk විමිසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ආරාධනා කරන ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදීමට කටයුතු කරන බවයි.

එම තීරණයේ කිසිඳු වෙනසක් නොවන බවද පක්ෂ නායක ආර් සම්බන්දන් සඳහන් කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඉල්ලීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බලන බවයි ඔහු කියා සිටියේ.

නමුත් එවැනි කිසිඳු ඉල්ලීමක් මෙතෙක් කිසිඳු පාර්ශ්වයකින් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන්.

උතුරේ සහ නැගෙනහිර බහුතර පළාත් පාලන ආයතන ප‍්‍රමාණයක බලය දෙමළ ජාතික සන්ධානය හිමිකර ගෙන ඇති බැවින් දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා සියළු දෙමළ දේශපාලන පක්ෂ එක්ව කි‍්‍රයා කටයුතු බව මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රථිඵල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ වෙත වැඩි බලයක් හිමිවී ඇති බැවින් දේශපාලන පෙරළියක් සිදුවීමේ අවධානමක්ද මතුව ඇති බවයි මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන් පෙන්වා දෙන්නේ.

එබැවින් දෙමළ ජාතික සන්ධානය මෙන්ම අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂය ද දෙමළ ජනතාවගේ ගැටළු විසඳාගැනීම වෙනුවෙන් එක්විය යුතු බව ඔහු සඳහන් කළා.