Saturday, January 11, 2025

General line - 0115112241

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අධිකරණය අද දුන්නු දඬුවම මෙන්න

වසන්ත පිවිතුරු




රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 5 ක් සිරදඬුවම් අද (12) නියමකර තිබෙනවා.

ඒ කොළඹ මහධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින්.

මිනීමැරුම් සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වුණු චෝදනාවයි.

එම චෝදනාවට අධිකරණය හමුවේ ඔහු වරදකරු වුණා.

ඒ අනුවයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඔහුට බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඬුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් නියම කරනු ලැබුවේ.