Saturday, January 11, 2025

General line - 0115112241

කිසිඳු එකඟතාවයකට ආවේ නෑ - ජනපති ලේකම් කාර්යාලය කියයි (PHOTO)




පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර  ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කිසිඳු එකඟතාවකට පැමිණ නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡිවක් පැවති බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟතාව පල කළ බවත් කරුණු වාර්තා වුණා.