නිලධාරින් විසින් සාධාරණය ඉටු කරන තුරු තමා විසින් සිදුකරන සත්‍යග්‍රහය අඛණ්ඩව සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා. ඔහු මෙම සත්‍යග්‍රහය ආරම්භ කර අදට දින 4ක් ඉක්මවා ගොස් තිබෙනවා.
නමුත් කිසිඳු බලධාරියෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
පසුගියදා මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරිමෙන් අනතුරුව බුලත්සිංහල ප්‍රදේශයේ නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු ගෙහින් ගෙට ගොස් මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙක් විරුද්ධ වූ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකුට අදාළ අපේක්ෂකයා විසින් පහරදීමක් සිදුකර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
මේ සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසියට පැමිණිලි කළද එම අපේක්ෂකයාගෙන් ප්‍රශ්න කර මුදා හැර ඇති බවයි ඔහු පවසන්නේ.
කෙසේ වෙතත් ඔහුව අත්අංගුවට ගෙන අසාධාරණයට ලක්වූ පාර්ශ්වයට සාධාරණය ඉෂ්ඨකර දෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා පොලීසියෙන් ඉල්ලීමක් කළා.
පොලීසිය එය නොසලකා හැරිම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඔහුගේ පුතා ද සමග බුලත්සිංහල නගර මධ්‍යයේ බුලත්සිංහල පොලීස් ස්ථානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිනවා.
එයට අදට දින 4ක් ගතව ඇතත් මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මෙහිදී අමාත්‍යවරයා සිය කරේ පෙට්‍රල් බෝලයක් හා ලයිටරයක් දරා සිටිනවා.
තමාව අතඅඩංගුවට ගැනීමක් හෝ සත්‍යග්‍රහයට කිසිවෙකු විසින් බාධා එල්ල කරන්නේ නම් තමා සහ තම පුතා ගිනි තබගෙන සිය දිවි නසා ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසන්නේ.