Saturday, January 11, 2025

General line - 0115112241

හිටපු ජනාධිපතිට ජනපති ධුරයේ යළිත් දිවුරුම් දෙන ලෙසට ඉල්ලීමක් (PHOTO)

වසන්ත පිවිතුරු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ යළි වරක් ජනාධිපති ධුරය භාරගෙන කටයුතු කළ යුතු බව ඉන්දිය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමී පවසනවා.

10 වනදා ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණය සම්බන්ධයෙන් තමා අවදානයෙන් පසුවූ බවත් එහිදී එම මැතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබු ජයග්‍රහණයට තමා සුබ පැතුම් එක්කරන බවත් සුබ්‍රමනියම් ස්වාමී ට්වීටර් පණිවුඩයක් මගින් පවසා තිබෙනවා.

හැකි ඉක්මණින් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ යළි වරක් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දිය යුතු බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ශක්තිමත් බව මෙම මැතිවරණයෙන් ඔප්පු වී ඇති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

එය හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන ගමනට පෙර නිමිත්තක් බවයි ඉන්දිය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමී සිය ට්වීටර් නිවේදනය මගින් සඳහන් කර තිබෙන්නේ.