Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රාදේශිය සභාව දිනා පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවට යන්න හදන ආදිවාසී මන්ත්‍රීවරිය කියන කතාව




දෙහිඅත්තකන්ඩිය - හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස  තරග කළ ඩබ්. එම්. ශිරෝමාලා  (37) ජයගෙන තිබෙනවා.

අපොස (සාපෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති ඇය තිදෙරු මවක් වනවා. ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප‍්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි. 

"අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු  ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම  විසඳන්න බෑ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි  ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න. ඒ වාගේ ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම  ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මාගේ එකම බලාපොරොත්තුව" යැයි ඇය පවසනවා.